Gossips

ගැලවූ හම්බන්තොට සුළං බලාගාරය ඩෙල්ෆ් දූපතට

අප්‍රේල් 10 වනදා වනවිට විදුලි කප්පාදුව නතර කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද (05) යළි ප්‍රකාශ කළා.
ඒ කැළණිතිස්ස විදුලිබලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ ගැලවූ සුළං විදුලි බලාගාරය ඉදිරියේදී ඩෙල්ෆ් දූපතෙහි සවි කරන බවයි.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ ලබන මැයි 20 වනදා පසුවනතුරු, වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
මේ වනවිට දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් 9කට අයත්, දිස්ත්‍රික්ක 11ක පවුල් 33,775කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 17,648 ක් පීඩාවට පත්ව තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතෙන්.