වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් නිවුන් දරුවන් බිහි කිරීමට සිටි ගැබිණි මවක් මියගිය බවට චෝදනා කරමින් කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
පසුගිය 30වෙනිදා මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි සුජීව නිදර්ශනී නැමති තිදරු මවක් සහ අගේ කුසේ සිටි නිවුන් දරුවන්.
වෛද්‍යවරුන්ගේ වරදින් මෙම මරණයන් සිදුවූ බවට චෝදනා කරමින් අද පෙරවරුවේ මියගිය මවගේ පවුලේ ඥාතීන් මෙලෙස විරෝධතාවක නිරත වුණා.
