Gossips

ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සංචාරක බංගලා භාරකරුවෙකු අත්අඩංගුවට

ගැබ්බර මුවදෙනක් මස් පිණිස ඝාතනය කළ විල්පත්තුවට නුදුරු පෞද්ගලික සංචාරක බංගලාවක භාරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ වනජීවි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි.
සැකකරු සංචාරක බංගලාවට අයත් ඉඩමේ උගුලක් අටවා මෙම ගැබ්බර මුවදෙන ඝාතනය කර තිබූ බවටයි වාර්තා වන්නේ.