Gossips

ගැබ්ගෙල පිළිකා එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය

වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් තුන්ලක්ෂයකට මරු කැඳවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා නිපදවා ඇති එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මානව පැපිලා්මාවෛරස් එන්නත හෙවත්, එච්.පී.වී. එන්නත දුර්මත හේතුවෙන් මෙතෙක් නිසි පරිදි භාවිත කර නොමැති බවයි ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය සඳහන් කළේ.
ලෝක පිළිකා දිනය යෙදී ඇත්තේ ද අදටයි.
ඒ වෙනුවෙන් මේ පිළිබඳව නිවේදනයක් ද නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එච්.පී.වී. එන්නත කාර්යක්ෂම සහ සුරක්ෂිත එන්නතක් ලෙස තහවුරු කළ හැකි බවයි.
වැළැක්වීමේ නිසි පියවර නොගතහොත් වසර 2040 වනවිට ලොව පුරා ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුවන කාන්තාවන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ 60,000 දක්වා ඉහළ යන බවයි අනුමාන කෙරෙන්නේ.