රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂක කමිටුවක් පිහිටුවන ලෙසට ද උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10) පැවැති ආරක්ෂක කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ගැටුමකදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සහ හමුදාවට සහයදීම දිසාපතිවරුන්ගේ මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්ය බව ද විෂය භාර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.