Gossips

ගැටුමකින් තුවාල ලැබූ වන අලියෙකුට අම්පාර – උහන දී ප්‍රතිකාර (ඡායාරූප)

අම්පාර, උහන, මාකන්ඩිය ප්‍රදේශයේ වෙල්යායක වන අලි දෙදෙනෙක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
මෙම ගැටුමෙන් එක් වන අලියකුගේ පාදයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ සම්බන්ධයෙන් අම්පාර අඩවි වනජිවි කාර්යාලයට දැනුවත් කර ඇති බව සඳහන්.
පසුව අම්පාර පශුවෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර අතුළු කාණ්ඩායම එහි ගොස් තුවාල ලබා සිටින වන අලියාට ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

ඡායාරූප – අම්පාර, සමන් චන්ද්‍රතිලක