වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඊයේ (06) ඇති වූ ගැටුමකදී දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
බහින් බස්වීමක් දුර දිග යාම හේතුවෙන් පහරදීමක් සිදුව ඇති අතර අදාල ගැටුම අතර තුර තවත් පිරිසක් විසින් යතුරුපැදි දෙකකට ගිනි තැබීම හේතුවෙන් එම යතුරු පැදි දෙකම සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඕමන්ත පොලිසිය අදාල ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
