Gossips

ගැටළුවලට රජයෙන් විසදුම් නැහැ – විපක්ෂ නායක මහින්ද කියයි

රටේ ගැටළුවලට ස්ථිර විසඳුම් ලබාදීමේ සූදානමක් හෝ රජය තුළින් පෙන්නුම් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ එක් කොටසක පමණක් ගැටළු ඉදිරිපත් කිරීමට තිබූ විපක්ෂ නායක කාර්යාලය අද සිට දිවයිනේ සියළු ජනතාවට විවෘත වන බවයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.
අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැකවූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ රජය ගෙන යන වැඩපිලිවෙලට එරෙහි සියළු පාර්ශව සමඟ එක්ව කටයුතු කරන බවයි.