Gossips

ගාසා තීරයේ ගැටුම්වලින් තවත් දස දෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් තවත් පලස්තීනුවන් දස දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දේශසීමා පවුර ඉක්මවා පැමිණි විරෝධතාකරුවන්ට තමන් වෙඩි තැබූ බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කළේ.
පලස්තීනුවන්ට ඔවුන්ගේ නිජ බිම වෙත ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙස මෙම විරෝධතාව පසුගිය මාර්තු 30 වන දා ආරම්භ වූ අතර, එදින ගැටුම්වලින් පලස්තීනුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
1948 වසරේ ඊශ්‍රායලය බිහි කිරීමේදී පලස්තීනුවන් හත්ලක්ෂයක් පිටුවහල් කෙරුණු අතර, ඔවුන්ට නැවත භූමිය ලබාදීම තම රටේ පැවැත්ම අවදානමට ලක් කිරීමක් ලෙසයි ඊශ්‍රායලය සලකන්නේ.