Gossips

ගාස්තු තවත් අඩු කළ හැකි බව ත්‍රිරෝද රථ සම්මේලනය කියයි

ඉන්ධන මිල තවත් රුපියල් 10කින් අඩු වන්නේ නම්, ත්‍රිරෝද රථ, පළමු කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කළ හැකි බව ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.