Gossips

ගාලු මුවදොර වටරවුම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගනී (ඡායාරූප)

ගාලු මුවදොර වටරවුම ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
අද රාත්‍රී 7.10 ට පමණ ගිනි ගැනීම සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කටුනායක ගුවන්තොටුපල වෙත යමින් සිටි පිරිසක් රැගත් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර පොලිසිය සහ කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න නිවාදමා තිබෙනවා.
මෝටර් රථය ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගෙන තිබුනා.