විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.
දේශීය ආදායම්, ආයුර්වේද වෛද්‍ය, විගණන, ගණකාධිකාරීවරුන් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටින අතර, මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
