Gossips

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් විරෝධතාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.
ගාලු ප්‍රදේශවාසීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ නිසා ගාලු නගරයේ රථ වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟයි අර්බුදය ආරම්භ වූයේ.
කෙසේ නමුත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත්, මතභේදයට ලක් වූ ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බවත් රජයේ අමාත්‍යවරුන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.