Gossips

ගාලු කථිකාව කොළඹ දී

ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය මේ මස 22 සහ 23 යන දිනවල කොළඹදී පැවැත්වෙන බව නාවික හමුදාව පවසනවා.
සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම යන තේමාව යටතේ මෙවර එය පැවැත්වෙන බවයි කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා කියා සිටියේ.