Gossips

ගාල්ල – හිරිඹුර කළහකාරී සිද්ධියේ සජීවී දර්ශන පොලිසියට දෙන්නැයි උසාවියෙන් නියෝග

ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළදීමෙන් මියයාමත් සමග ඇති වූ කලහකාරි සිද්ධියෙහි දර්ශන පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතනවලට ඊයේ නියෝග කර තිබෙනවා.
ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මෙම නියෝගය නිකුත් කළේ දේපළවලට හානිවූ බවට පොලීසිට ලැබුණු පැමිණිලි මත ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.
පසුගිය සිකුරාදා ගාල්ල – කරාපිටිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවූ අතර, ඩෙංගු මදුරුවන් බෝවන බවට චෝදනා එල්ල කරමින්, ඉදිකරමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් උපකරණවලට සහ යතුරුපැදි කිහිපයකටද ගිනි තබා තිබුණා.
පසුව ගාල්ල මහනගර සභාව එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීමටද පියවර ගත්තා.