Gossips

ගාල්ල – වක්වැල්ල ජල පොම්පාගාරයේ ගින්නක්

ගාල්ල – පෝද්දල – වක්වැල්ල ජල පොම්පාගාරයේ ජලය සපයන පැනලයක ඊයේ (15) ඇති වූ ගින්නක් මේ වනවිට මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ සදහා ප්‍රදේශවාසීන් ද සහය වී ඇති අතර, ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න ඇති වීමට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සදහන් කළේ.
කෙසේ නමුත්, අප වාර්තාකරු කියා සිටියේ විදුලි කාන්දුවකින් ඇති වූ ගින්නෙන් එහි විදුලිය බෙදා හරින පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බවයි.
මේ නිසා ගාල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදා හරින ජලය සීමා කර ඇති බවත්, ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.
කෙසේ නමුත්, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව සදහන්.
මේ අතර, බොරැල්ල – වනාතමුල්ල – සහස්පුර නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදාව කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර, ඉන් සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.