Gossips

ගාල්ල මහ නගර සභාවේ බලය විමධ්‍ය ගත කිරීමේදී උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා මහ නගර සභාව සංවිධාන කළ බලය විමධ්‍යගත කිරීමේ වැඩසටහනක් අතරතුර ඊට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක නැගිට ගොස් තිබෙනවා.
මහ නගර සභාවේ සියලූ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයකට අනුවයි බලය විමධ්‍යගත කිරීමේ කමිටු පත් කර තිබුණේ.
ඒ අනුව වැලිවත්ත කොට්ඨාශයේ සංවර්ධන කටයුතු සඳහා පත් කළ කමිටුව ඊයේ වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී රැස්වූ අතර එම කමිටුවට තමන්ගේ නම් ඇතුළත් නොකළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි චාන්දනී ගුණසේකර සහ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ජයවීර පීරිස් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් වෙනත් ප්‍රදේශයක සංවර්ධන කටයුතු සඳහා පත් කර ඇති විමධ්‍යගත කමිටුවකට ඇතුලත් කර ඇති බවයි.