Gossips

ගාල්ල මහනගර සභාවේ එජාපයේ 07කට විනය පරීක්ෂණ

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේදී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල සභාපති ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවාදීමක් බවයි.
මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරයා දැනුවත් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
පසුගිය සිකුරාදා නගරාධිපතිවරයා තේරීම සඳහා පැවැති රහස් ඡන්දයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.