ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පසුගිය මස 14 වන දා මොවුන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර යළි ගොඩබිමට පැමිණ නැහැ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26, 27, 34, 39, 45, 47 සහ 51 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් හික්කඩුව, තෙල්වත්ත, තොටගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
