ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය බෙලිගහ – ගලගෙඩිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඩෙංගු රෝගය හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මිය යාමට විරෝධය පළ කරමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක් හේතුවෙන් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන බවටයි එහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ.
ඔවුන් ගාල්ල – කරාපිටිය මාර්ගයේ ටයර් ද පුළුස්සා ඇති අතර, විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ වාහන තදබදයක් ද හට ගෙන තිබුණා.
විරෝධතාකරුවන් අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයකට ද ගිනි තබා ඇති බව සඳහන්.
rn
