Gossips

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වතුරේගම ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ ජීප් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ජීප් රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි දුරකථන රැහැන් කණුවක සහ තාප්පයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.