Gossips

ගාල්ල – කොට්ටව රක්ෂිතයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගාල්ල, කොට්ටව ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
අද (11) දහවල් මෙම මළ සිරුර හමුව ඇත්තේ කොට්ටව රක්ෂිතයේ පිහිනුම් තටාකයට පිවිසෙන මාර්ගයේ තිබියදීයි.
ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම් දීමකට අනුව මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර කරාපිටිය මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.