Gossips

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝ සංවිධානය සමඟ සාකච්ඡාව අද

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන බවට අදහස් පළ වූයේ එහි ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවට යුනෙස්කෝ සංවිධානය දැනුම්දීමත් සමඟයි.
ඒ පිළිබඳව පසුගිය දින කිහිපය තුළම දේශපාලන නියෝජිතයින් මෙන්ම, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් ද අදහස් පළ කළා.
එමෙන්ම, පසුගිය සෙනසුරාදා ගාල්ල නගරයේ විරෝධතාවයක් ද පැවැත්වුණේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධයට එරෙහිවයි.