ගාල්ල – නෙළුව ප්‍රදේශයේ පිහිටි කළුබෝවිටියන රක්ෂිතයේ හට ගත් ගින්න ගුවන් හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ යානාවක් ද එක් කර ගත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ගින්නට හේතු වී ඇති අතර ඉන් අක්කර 7කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.