Gossips

ගාල්ල කණ්ඩායම ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පලාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ තරඟ අවසානයේ දී පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.
මෙතෙක් පැවති තරඟ දෙකම ජයගෙන ගාල්ල කණ්ඩායම ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.
දෙවන ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම ද සහභාගි වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 09ක් ලබා සිටිනවා.
දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගිවූ තරඟ දෙකම පරාජයට පත්ව තිබෙනවා.
තරගාවලියේ දෙවන වටයේ තරඟ හෙට ආරම්භවීමට නියමිතයි.