පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් ගාල්ල – අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා.
ඒ, පාසලේ විදුහල්පති කාර්යාලය තුළදියි.
ඇය අදාළ අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
