ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට වාර්තා වනවා.
ගාල්ල – කරාපිටිය රෝහල, බලපිටිය, ඇල්පිටිය සහ කඹුරුපිටිය යන රෝහල්වල ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී ඇති බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම එම උණ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
