ගාල්ල – තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළදාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අලෙවි කිරීම සදහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර, ඔවුන් දීර්ඝ කාලයක් පුරා මත්කුඩු ජාවාරමෙහි නිරත වී ඇති බවටයි වාර්තා වන්නේ.
