ගාල්ල, ගොඩකන්ද – බෝගහවේල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් විවෘත කිරිමේදී අද (27) උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අදාල විහාරස්ථානය මහායාන නිකායට අයත් බව පවසමින් ගම්වැසියන් සහ භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධය පල කිරිමත් සමඟ එම තත්ත්වය හටගත් බවයි.
අනතුරුව අදාල විහාරස්ථානයට සම්බන්ධ නිලධාරියෙකු විරෝධතාකරුවන් අතරට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ මෙම විහාරස්ථානය ජපාන රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන්නක් බවයි.
ගාල්ල – පොලීසියේ නිලධාරින් පිරිසක් විරෝධතාකරුවන් අතරට පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළා.
ඡායාරූප – හිනිදුම, රවීන්ද්‍ර චන්ද්‍රලාල්