Gossips

ගාල්ලේ රබර් කර්මාන්තශාලාවක ගින්නක්

ගාල්ල – බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
කර්මාන්තශාලාවේ එළිමහන් භූමියක ගොඩගසා තිබූ රබර් තොගයකට මෙලෙස ගිනි ඇවිලී ඇති අතර, ගින්න කර්මාන්තශාලාවේ ගොඩනැගිලි පිහිටා ඇති ප්‍රදේශයට පැතිර යමින් පවතින බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ පිළිබඳව ගාල්ල පොලීසියෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක කියා සිටියේ ගින්න නිවීම සඳහා ගාල්ල ගිනි නිවීම් ඒකකයේ ආපදා රථ පිටත් කර යවා ඇති බවයි.