Gossips

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි.
එමෙන්ම ගල් පෙරළීම හේතුවෙන් පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් පින්දෙණිය ප්‍රදේශයේදී වතු නිවාස පෙළක් මතට ඊයේ පස්වරුවේ ගසක් කඩාවැටීමෙන් නිවාස 08 කට හානි වී තිබුණා.
එහිදී තුවාල ලැබූ ගැහැණු ළමයින් දෙදෙනෙකු පින්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එම නිවෙස්වල සිටි පුද්ගලයින් 45 දෙනෙකු තාවකාලිකව වෙනත් ස්ථානයකට යොමුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.