ගාල්ල – පෝද්දල – වක්වැල්ල ජල පොම්පාගාරයේ හට ගත් ගින්න හේතුවෙන් අත්හිට වූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පොම්පාගාරයේ විදුලි පරිපථයක මෙම ගින්න හට ගත් අතර, පසුව ගිනි නිවන හමුදාව එක්ව එය මැඬ පවත්වනු ලැබුවා.
මේ හේතුවෙන් ගාල්ල, මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේ.
