Gossips

ගාල්ලේ ජල සැපයුම දහවල් 12 ට පෙර

ගාල්ල – වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් නතර වූ ගාල්ල මහනගර සභා සැපයුමේ ජල සැපයුම අද දහවල් 12 ට පෙර යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ හදිසි ජල අවශ්‍යතා සදහා බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවයි.