Gossips

ගාල්ලේදී ඇමති නවීන්ට විරෝධයක්

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට අද ගාල්ලේ පැවති උත්සවයක් අතරතුර විරෝධයක් එල්ල වුණා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නව ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් එම උත්සවය පැවති අතර, කටුපොල් වගාව නිසා තමන් මහත් අසීරුතාවට මුහුණ දෙන බව පවසමින් එම අවස්ථාවේ උත්සව භූමියෙන් පිටත විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ, විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජනතා ව්‍යාපාරය විසින්. එහි කැඳවුම්කරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේයි.
උත්සවය අවසානයේ විරෝධතාකරුවන් අමාත්‍ය නවීන් දිසානායකට තම ගැටළු ඇතුළත් ලිපියක් භාරදුන් අතර, අමාත්‍යවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයත් සමඟ ඔහුට විරෝධයක් එල්ල වුණා.