ගාලූ වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අතුරුදන්ව සිට මාලදිවයින ආසන්නයේදී බේරාගත් ධීවරයින් 07 දෙනා අද දිවයිනට පැමිණියා.
ඔවුන්ගේ යාත්‍රාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් පිළිබඳ තොරතුරක් නොමැතිව තිබූ අතර, ධීවරයින් සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් විරෝධතාවක්ද සිදුකළා.
පසුව මෙම ධීවරයින් පිරිස සොයා ගැනුණේ මාලදිවයිනට සැතපුම් 40 ක් පමණ දුරින් මුහුදේ සිටියදීයි.
