Gossips

ගායක අමල් පෙරේරා ඇතුළු පිරිස ගැන තීන්දුව අද

ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනා එරට නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද ලබාදීමට නියමිතයි.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස අද (12) දිනයේදී ඩුබායි පොලීසිය වෙත කරුණු දක්වන බවයි.
එමෙන්ම ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙනවා.
එම, විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර, අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් දෙනා මේ වන විට බර් – ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා සිටිනවා.