Gossips

ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනාට එරෙහි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ නඩුව කල් නොදමයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩු විභාගය කල් තබන ලෙස විත්තිකාර පාර්ශවය කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.
අදාළ නඩුවේ සාක්ෂි විභාගය මේ මස 7 වනදා සිට දිනපතා පැවැත්වීමටයි විනිසුරු මඩුල්ල මීට පෙර තීරණය කළේ.
එහෙත්, ඊට අදාළ අභියාචනයක් ගොනු කිරීම සඳහා නඩු විභාගය කල් තබන ලෙස විත්තිකාර පාර්ශවය ඉල්ලීමක් කරනු ලැබූ අතර, එම ඉල්ලීමයි අද මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.