Gossips

ගාමිණී සෙනරත් ඇතුළු 4 කට එරෙහි නඩුව ලබන මස 29 වනදා සිට අඛන්ඩව විභාගයට

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 29 වනදා සිට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අද තීරණය කෙරුණා.
ඒ මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කැදවූ අවස්ථාවේදීයි.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.