Gossips

ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වනවා.
පැමිණිල්ලේ සාක්ෂි අවසානයේ විත්තියේ නීතිඥයන් මීට පෙර විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව සිය සේවාදායකයන් නිදහස් කරන ලෙසටයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය අද ලිඛිත සාක්ෂි ගොනු කරනු ලැබූ අතර ඒ අනුව මේ පිළිබඳ නියෝගය ලබන 27 වනදා ලබාදෙන බවට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.