Politics Sri Lanka

ගාමිණී සෙනරත්ටත් රට යන්න අවසර

ගාමිණී සෙනරත්ටත් රට යන්න අවසර

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාගේ විදෙස් ගමන් තහනම මාස දෙකකට අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

හම්බන්තොට හයිට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සදහා නිතී විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කර පොදු දේපොළ පනත ප‍්‍රකාරව වරදක් කළැයි ඔහුට ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හර තිබිණි.

තම සේවාදායකයාගේ පෞද්ගලික කාරණාවක් සදහා මේ මස 26 වැනිදා සිට අප්‍රේල් මස 24 වැනිදා දක්වා විදෙස් ගතවිමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ගාමිණී සෙනරත් මහතාගේ නිතීඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඔහුගේ ගුවන් ගමන් තහනම ඉවත් කර තිබෙන්නේ රුපියල් ලක්ෂ පහක අමතර ශරීර ඇපයක් මතය.