Gossips

ගාමිණී සෙනරත්ගේ ඉල්ලීම – විශේෂ මහාධිකරණය ඉවත දමයි

ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවෙන් මීට අදාළ නඩුවේ තුන්වැනි විත්තිකරු වන නීල් බණ්ඩර හපුහින්න නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
කෙසේ වෙතත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සෙසු විත්තිකරුවන් තුන්දෙනා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
විත්තියේ නීතිඥයන් මීට පෙර විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව සිය සේවාදායකයන් නිදහස් කරන ලෙසටයි.
කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර නමැති සැකකරුට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව ප්‍රකාශ කළා.
එහෙත්, ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් නඩුවේ තුන්වන විත්තිකරු වන නීල් බණ්ඩාර හපුහින්න නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ. විත්ති පාර්ශවයේ සාක්ෂි විමසීම සඳහා නඩුව ලබන මස 6 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

rnrn