Gossips

ගාමිණි ලොකුගේ වැනි මන්ත්‍ත්‍රීවරුන් පක්ෂයේ සිටීම ගැන කරුණු සෙවිය යුතුයි

ගාමිණි ලොකුගේ වැනි මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටීම පිළිබඳ ජනතාව කරුණු සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා ඊයේ කොළඹදී තමන් පිළිබද සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.
– ගාමිණි ලොකුගේ
– වෙල්ගම මැතිතුමාගේ ඔළුව නරක් වුණාට ඒකට උත්තර දෙන්න මට බෑනේ. ඒක එතුමාගෙන්ම අහන්න. ප්‍රශ්නයක් තියෙනවානේ. මේ රටේ වේදිකාවට ඕනෑවට වඩා අත්පුඩි ගැහුවොත් මටත් හිතෙනවා ජනාධිපති වෙන්න පුළුවන්ද කියලා.
– කුමාර වෙල්ගම
– ගාමිණි ලොකුගේ මහ්තතයා බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට තමයි යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ. මේ ලෝකේ ඉස්කොලේ පොතක් පාඩම් කරලා හිටියානම් ඒ මිනිහා පුස්තකාලයකට ගිනි තියන්නේ නැහැ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයලට සිංහල බෞද්ධ මහා සම්මේලනයට එළවා එළවා ගැහුවේ ඔය කවුරුත් නෙමෙයි ඔය නම් කියන කට්ටිය. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑවේ බලමණ්ඩලයේ ලේකම්ට ඔය හන්දියේ තියලා ගහලා මුළු ඇගේම තියෙන ඇදුම් ගලවලා නිරුවස්ත්‍ර කරලා ජංගිය පිටින් තමයි යැව්වේ. මේ මහත්තරු තමයි ඒ දේත් කළේ. ඒ විතරක් නෙමෙයි බණ්ඩාරනායක මැතිනිගෙයි, බණ්ඩාරනායක මහත්තයාගෙයි පිළිරුව කැස්බෑවේ මිනිස්සු මැයි පෙළපාලියට ගේන්න එනකොට කැස්බෑව හන්දියේදි ඔය පුද්ගලයෝ තමයි මැතිනියගේ පිළිරුවටයි බණ්ඩාරනායක මහත්තයාගේ පිළිරුවටයි ගැහුවේ. ඒ විතරක් නෙමෙයි කැස්බෑවට අයිති පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා ඉස්සරහපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාට ගැහුවේ කවුද ඒත් ඔය කියන පුද්ගලයාම තමයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉදන් ශ්‍රී ලංකා එකට ඇවිත් ශ්‍රී ලංකා කාරයෝ වෙන්න යනවා. මේ වගේ මැරයොද එහෙනම් තියාගෙන ඉන්න්නේ. දැන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා මිනිමරුවෝ අත්වල ලේ ගාගත්තු අය. මං ඉතිං මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේවා ගැන හොයන්න.