Gossips

ගාන්ධිවරුන් මැතිවරණ සටනට සැරසේ

ඉන්දීය කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කොංග්‍රස් සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර දී අද (22) ආරම්භ වුණා.
එය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණය සඳහා කොංග්‍රස් පක්ෂ මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ අවස්ථාවක් ලෙස ද සැලකෙනවා.
සිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ නරේන්ද්‍ර මෝදිගේ රජයේ පැවැත්ම අවසන් වෙමින් පවතින බවයි.
රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මහමැතිවරණය පිළිබඳව ඇය දැඩි විශ්වාසයකින් අදහස් දැක්වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
කොංග්‍රස් පක්ෂ රැස්වීම මෙලෙස පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවේදී මෝදි රජයට එරෙහිව ඉදිරිපත් කළ විපක්ෂයේ විශ්වාසභංගය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.