Gossips

ග්‍රීසියේ භූ කම්පනයක්

දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේ අද රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක භූ කම්පනයක් සිදුවුණා.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන පරිදි භූ කම්පනය කිලෝමීටර් 30 ක් ගැඹුරෙන් සිදුවී ඇති අතර, එහි කේන්ද්‍රය පුරාවිද්‍යා නගරයක් වූ පයිලෝස් නුවරට ඔබ්බෙන් මුහුදේ පිහිටා තිබෙනවා.
භූ කම්පනය නිසා එහි ගොඩනැගිලි සසල වුවත්, ජීවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නැහැ.භූ කම්පන සක්‍රිය කලාපයක පිහිටි ග්‍රීසියේ පසුගිය ජූලි මාසයේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 7 ක භූ කම්පනයක් වාර්තා වුණා.