Gossips

ග්‍රීන් ෆීල්ඩ් හෙළිදරව්ව

හිරු සී.අයි.ඒ. හරහා හෙළි කිරීමෙන් අනතුරුව 2013 වර්ෂයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් වනාතවිල්ලුව ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් වංචාවට අදාළ ඉඩම්වල අයිතිය මේ වනවිට පවතින්නේ රජය සතුව බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක පවසනවා.
ඒ අනුව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක ඉදිරියේදී පළාත් ඉඩම් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ අදාළ ඉඩම් විකිණීම්, හුවමාරු කිරීම් ආදී කිසිවක් සිදුකළ නොහැකි බවයි.
හිරු සී.අයි.ඒ. හරහා 2013 වර්ෂයේ හෙළි කළ ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් වංචාව මෙරට සිදුවූ මහා පරිමාණ ඉඩම් වංචා අතරට ගැනෙන්නක්.
අදාළ ඉඩම් වංචාව සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ කටයුතු ක්‍රියාත්මකයි.
එහෙත් මෙම පොල් ඉඩම් කුලියට බලාගන්නා පුද්ගලයෙකු මෙහි නඩු කටයුතු අවසන් බවත් මෙම ඉඩම් විකිණීමට ඇති බවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ මෙලෙසින්.