Gossips

ග්‍රීන්ෆීල්ඩ් ජාවාරමේ මැර බලය

හිරු සී.අයි.ඒ හරහා හෙළි කළ ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයෙන් ස්ථාපිත කරන දැන්වීම් පුවරු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක මහතා පවසනවා.
මේ පිළිබඳව සොයා බැලීමට හිරු සී.අයි.ඒ අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් ආශ්‍රිතව ගැවසෙන මැරයින් එහි යන පිරිස් වෙත මරණීය තර්ජන එල්ලකරන අයුරුද අප කැමරා කාචයේ සටහන් වුණා.
රොහාන් සමන් රත්නායක නම් පුද්ගලයා ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් කැබලි එකවර පුද්ගලයින් කිහිපදෙනෙකුට වංචනික ලෙස විකිණීම හරහා බොහෝ පිරිසක් මේ
වනවිටත් සිය මුදල් නිකරුණේ අහිමි කරගෙන අවසන්.
ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හමුවේ වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක මහතා ප්‍රකාශ කළේ ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය මගින් ස්ථාපිත කරන දැන්වීම් පුවරු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බවයි.