Gossips

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා සිදුකළ බවට තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 32 හැවිරිදි දිනේෂ් එරංග නමැති හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.