Gossips

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට සීමා

ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් – ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද රාත්‍රී රාත්‍රී 9 සිට ලබන 22 වන දා අලූයම 5 දක්වා සහ ලබන 26 වන දා රාත්‍රී 9 සිට 29 වන දා අලූයම 5 දක්වා කාලය තුළ මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
ඊට විකල්ප මාර්ග ලෙස ග්‍රෑන්ඞ්පාස් සහ පරාක්‍රම මාර්ගය ඔස්සේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයට ගමන් කළ හැකියි.
මේ අතර, ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් කොටහේන – වාසල හන්දියේ සිට වෝල්ස් ලේන් පාර හන්දිය දක්වා වූ මාර්ගයේ ද අද රාත්‍රී 9 සිට ලබන 22 වන දා අලූයම 5 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළා.