Gossips

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඝාතනයකට පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය ජනවාරි මස 2 වනදා ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බුද්ධික රංග තිසේරා නැමති පුද්ගලයා මියගිය අතර, තවත් තුන්දෙනෙකු සිද්ධියෙන් තුවාල ලැබුවා.
මෙම ඝාතනය පාතාල කණ්ඩායම් දෙපිරිසක් අතර මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූවක් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.