Gossips

ග්‍රෑන්ඩ්පාස් අනතුරින් මියගිය අය අතර ව්‍යාපාරයේ හිමිකරුත්

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළුබඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ අදාළ ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අතර අදාළ අනතුරෙන් එම කුළුබඩු ව්‍යාපාරයේ මෙන්ම ගොඩනැගිල්ලේද හිමිකරු ද මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබුණා.
අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටියා.
තවත් දෙදෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.